සිල්කාගේ දිවිසැරිය – Cilka’s Journey

Classics

Cilka’s Journey

සිල්කාගේ දිවිසැරිය – Cilka’s Journey

ඇයගේ දිවි රැකදුන්නේ තම රූමත්බවයි – ඇයව අවමානයට ලක්කළේද තම රූමත්බවයි.

1942 වසරේදී, අවුෂ්විට්ස්-බර්කෙනූ වධකඳවුරට රැගෙන යනවිට සිල්කා යන්තම් සොළොස්හැවිරිදි වියෙහි පසුවූවා පමණි. ඇයගේ කිතුල් රෑනක් බඳු, දිඟැති මණරම් කේෂකලාපය දැක ඊට වහවැටුනු බර්කෙනූ කඳවුර භාර ආඥාධිපති ශොවාර්සුzබර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන්කරගනු ලැබිණ. තමන්ගේ මනාපයෙන් තොරව උවද තමන්ට ලබා දෙනු ලබන බලය, දිවිගලවා ගැනීමට සමවන බැව් වැඩි දිනක් ගතවීමට මත්තෙන් සිල්කා අවබෝධකර ගත්තාය.

කඳවුර මුදා ගැනීමෙන් අනතුරුව,සතුරාට පාක්ෂිකවූවාය යන චෝදනාවට සිල්කාව වරදකාරියක කරනු ලැබූ රුසියානුවන් විසින් ඇයව ආක්ටික් වෘත්තය ඇතුළත පිහිටි වොකූටා නමින් හැඳින්වූ සයිබීරියාවේ අතිශයින්ම කුරිරු,හුදෙකලා සිරකඳවුරකට යවනු ලැබිණ.

නිර්දෝෂී සහ අවිහිංසක වූවද නැවතවතාවක් සිරගතකරනු ලැබූ සිල්කා, නවමු සහ තමන්ට හුරුපුරුදු අතිභයංකාර අභියෝගයන්ට මුහුණ දුන්නේ දිනපතාම දිවිරැකගැනුම පිණිස නොනිමි අරගලයක නිරත වෙමිනි.

අධ්‍යාත්මයකින් තොර භෞතික ශරීරයක් පමණක් දරමින් දිවි ගෙවූ සිල්කාට, මේ සියළු කරදර, හිරිහැර හා දුක්ඛදෝමනස්සයන් පසෙක තිබියදී, පිවිතුරු ප්‍රේමයක් වෙනුවෙන් තම හදගැබෙහි අවකාශයක් තිබෙන බැව් අවසානයේ හැඟී ගියේ ඒ තදදුඹුරු පැහැති දෑස් දුටු නිමේශයේදීය.

Details

  • Categories: Authors, Books, Chandana Gunasekara, Heather Morris, Subavi Publishers, නවකතා, පරිවර්තන, සිංහල පොත්
  • ISBN – 9789557189222