අවුෂ්විට්ස් හී පච්චකොටන්නා – Auschwitz Hi Pachcha Kotanna

Romance

Auschwitz Hi Pachcha Kotanna

 

අවුෂ්විට්ස් හී පච්චකොටන්නා – Auschwitz Hi Pachcha Kotanna

ලෝක ඉතිහාසයේ අඳුරුතම යුගයක, මරනයේ සෙවනැල්ලේ පහස ලබමින් සිටියද, ඒ උත්තරීතර සැබෑ ආදරයේ සහ ජීවත්වීම පිළිබඳව වූ දැඩි විශ්වාසයේ බලය ලොවට පෙන්වා දුන් එක්තරා සාමාන්‍ය මිනිසකුගේ අසාමාන්‍ය කතාව…අවුෂ්විට්ස්හී පච්චකොටන්නා…

දෙවැනි ලෝක යුධ සමයේ, තමන් යුදෙව්වකු ලෙස උපත ලැබීමේ වරදින් මරණයට නියම වූ මිලියන ගණනක් අහිංසක යුදෙව්වන් රඳවා තැබූ එක් කඳවුරක් වූයේ, පෝලන්තයේ අවුෂ්විට්ස් සිර කඳවුරය. එහි සිරකරුවන්ගේ නොම්බර පච්ච කොටන්නා වූ ලලී අයිසන්බර්ග්, තරුණ සිරකාරියක වූ ගීටා ෆහර්මැනෝවා සමඟ පෙමින් බැඳුනේ, මරණයේ රුඳුරු සෙවනැල්ල හැම මොහොතකම ඔවුන් අබියස හොල්මං කරද්දීය. එහෙත් ඔවුන්ගේ ප්‍රේමය මහෝඝයක් සේ ගලා ගියේ, ඒ හැම හැල හැප්පීමක්ම හා දුක් අඳෝනාවක්ම සුනුවිසුනුකර දමමිනි.

ඔවුන්ගේ මෙම ප්‍රේම වෘතාන්තය ඇසුරෙන් හෙදර් මොරිස් The Tattooist of Auschwitz නමින් ජාත්‍යන්තර ප්‍රසාදයට පාත්‍ර වූ තිර පිටපතක් රචනා කළාය. ඉන්පසු මෙම අනුවේදනීය සත්‍ය කතාව 2018 වසරේදී ඇය නවකතාවක් ලෙසද ලියා පළ කළාය. සහෘද ඔබ වෙත දිගහැරෙන්නේ, මරණය පරදා ජයගත්, ඒ උත්තරීතර ආදර අන්දරයේ සිංහල පරිවර්තනයයි.

Details

  • Categories: Apuru Poth, Authors, Books, Chandana Gunasekara, Heather Morris, නවකතා, පරිවර්තන, සිංහල පොත්
  • ISBN – 9789557180076